ජනාධිපති ගෙන යන්න පුද්ගලික ජෙට් යානයක් පැමණේ!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පුද්ගලික යානයක් මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපලට ගොඩබස්වා තිබේ.
ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.
ඔවුන් සිංගප්පූරුව බලා සිංගප්පූරු ගුවන් සමාගමේ යානාවකින් ගමන් කිරීමට සූදානමින් සිටියද ආරක්ෂක හේතුන් මත එම සැලසුම අවලංගු කර තිබිනි.
ඒ අනුව මාලදිවයිනෙන් පිටත්වීම සඳහා පෞද්ගලික යානයක් මාලදිවයිනේ බලධාරීන්ගෙන් ඉල්ලා තිබූ අතර මීට ටික වේලාවකට පෙර එම යාලය මාලේ ගුවන්තොටුපළට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා අද පස්වරුවේ සිංගප්පූරුවට ළඟා වීමෙන් පසු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ජනාධිපති ගෙන යන්න පුද්ගලික ජෙට් යානයක් පැමණේ!
2022-07-14T12:14:00+05:30
Gossip Lanka Hot News






