ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් රැඳී සිටින ගාළු මුවදොර අරගලකරුවන් ඉවත් කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කොටුව පොලිසිය සූදානම් වෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති දේපළ ආරක්ෂා කරන අද ලෙස එහි ලේකම්වරයකු කොටුව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම අධිකරණ නියෝගය ගැනීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පැවසුවේ අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බවයි.
එනිසා එවැනි පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු සදහන් කලේය.
