රනිල් දිව්රුම් දෙද්දී පාර්ලිමේන්තුවේ කරන්ට් කැපෙයි! සජීවී විකාශය නවතී! වහාම පරීක්ෂණ රහස් පොලිසියට බාරදෙයි!
ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට බාර දී තිබේ.
8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීමට නියමිතව තිබූ අතර සෙසු රූපවාහිනි නාලිකා මගින් සමගාමී විකාශයක් ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබිණි.
ජනාධිපතිවරයා රතු පලස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලු වීමෙන් පසු එම සජීවී විකාශය නැවතී ගියේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටීමක් නිසා සජීවී විකාශය නතර වූ බවට පසුව වාර්තා විය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටීමක දී සාමාන්‍යයෙන් විනාඩි දෙකක් වැනි කෙටි කලකදී විදුලි ජනක යන්ත්‍ර නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර ජනපති දිවුරුම් දෙන අවස්ථාවේ විනාඩි දහයක පමණ කාලයක් මෙසේ විදුලිය බිඳ වැටී තිබූ බව වාර්තා වේ.
මේ හේතුව නිසා රූපවාහිනි නාලිකා වලට සජීවී විකාශ ආවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.
රනිල් දිව්රුම් දෙද්දී පාර්ලිමේන්තුවේ කරන්ට් කැපෙයි! සජීවී විකාශය නවතී! වහාම පරීක්ෂණ රහස් පොලිසියට බාරදෙයි!
2022-07-21T13:23:00+05:30
Gossip Lanka Hot News






