gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැති ඇමතීන් රටේ ප්‍රශ්න ගැන විවාද කරන්න යයි! යෝජනාව විපක්ෂයේ!

පාර්ලිමේන්තුව ලබන සතියේ  4, 5 සහ 6 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

පසුගිය 30 වනදා පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේබව තීරණය වී තිබෙනවා.

ලබන 4 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් ඇසීම සදහායි.

ජූලි 5 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ 2270/59 සහ 2280/32 අංක දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග, රේගු ආඥා පන‍ත ය‍ටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය සහ 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා සම්මතය විවාදය කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත බව මහලේකම්වරයා සඳහන් කළා.

තවද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක්ද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2282/21 සහ 2282/22 යන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසිද එදින විවාද කිරීමෙන් පසුව අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

මේ අතර ජූලි 6 වැනිදා පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙන අතර අනතුරුව “රටේ වත්මන් තත්ත්වය” පිළිබදව විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය ප.ව 4.30 දක්වා පැවත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා.

එසේම පවතින දුෂ්කරතා හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී කාරක සභා රැස්වීම් මාර්ගගත තාක්ෂණය ඔස්සේ (Online) පැවැත්වීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති අතර ඒ අනුව ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka