gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යළිත් පොහොට්ටු ආණ්ඩුවක් හදන්න බැසිල්ගේ සැලසුම දිගහරී! ද්විත්ව පුරවැසිකම ගැනත් තීරණයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ක්‍රියාකාරීන් පිරිසක් හමුවී සාකච්ඡා කර තිබෙනවා. හැකි ඉක්මනින් යළිත් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවත් එහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

මොන මැතිවරණය පැවැත්වුවද පොහොට්ටුව ජයග්‍රහණය කරවීමට තමන් කැපවන බවද ඔහු එහිදී පොහොට්ටු ක්‍රියාකාරීන් හමුවේ සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

ද්විත්ව පුරවැසිකම අත්හරී

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා දැනට ඔහුට හිමි ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

තමන්ගේ මෙම තීරණය පසුගියදා පොහොට්ටුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වනවා.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරිය නොහැකි වන විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට තීන්දු කිරීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා තමන් දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා.

ඊට හේතු වූයේ ඔහු ශ්‍රී ලංකාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තකු වීම නිසාය.

එහෙත් ඉන් අනතුරුව සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් සමඟ කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්ව තවදුරටත් මෙරට දේශපාලනයේ නිරතවීමට තීන්දු කර තිබෙනවා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka