EXCLUSIVE : ජනාධිපති ඉල්ලා අස්වන බව කීවේ වාචිකව විතරයි -කතානායක! සියලු පක්ෂ නායකයන් රනිල්ට ඉල්ලා අස්වෙන්න කියයි! රනිල් නිහඬව සිටියි! සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවයි! ලබන බදාදා ජනාධිපති තෝරන ජන්දයක්!
අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ. මෙහිදී පක්ෂ නායක රැස්වීම ආරම්භයේදීම කතානායකවරයා දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා තමන්ට 13 වැනි දින ධූරයෙන් ඉවත් වන බව වාචිකව පමණක් දැනුම් දී ඇති බවත්, තවමත් එය ලිඛිතව ලැබී නැති බවත්ය.
ඉන් අනතුරුව රැස්වීමට සහභාගී වී සිටි සියලුම පක්ෂ නායකයන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩිව ඉල්ලීමක් කොට ඇත.
නමුත් ඊට අගමැතිවරයා නිසි පිළිතුරක් ලබා දී නොමැති බව වාර්තා වේ.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා හා රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේවෙතත් අවසානයේදී තින්දු වී ඇත්තේ ලබන සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුව නැවත කැදවීමටය.
ඉන් අනතුරුව ලබන බදාදා දිනයේදී පාර්ලිමේන්තුව කැදවා ජනාධිපතිවරයකු පත් කර ගැනීමට තීරණය වී ඇති බවද දැනගන්නට තිබේ.
EXCLUSIVE : ජනාධිපති ඉල්ලා අස්වන බව කීවේ වාචිකව විතරයි -කතානායක! සියලු පක්ෂ නායකයන් රනිල්ට ඉල්ලා අස්වෙන්න කියයි! රනිල් නිහඬව සිටියි! සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවයි! ලබන බදාදා ජනාධිපති තෝරන ජන්දයක්!
2022-07-11T16:51:00+05:30
Gossip Lanka Hot News