රටේ තත්ත්වය හරි නෑ! ෆ්ලයි ඩුබායි ලංකාවට එන්න බෑ කියයි! ටිකට් ගත් අයට ආපහු සල්ලිත් ගෙවයි!
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික නොසන්සුන්තාව හේතුවෙන් අඩු පිරිවැයක් සහිත ගුවන් සේවයක් flydubai ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත් මගීන්ට මුදල් ආපසු ලබාදෙන බවට එම ගුවන් සමාගම ප්‍රකාශ කර සිටියි.
“ඩුබායි සහ කොළඹ ගුවන් තොටුපළ අතර Flydubai ගුවන් ගමන් ජූලි 10 සිට නැවත දැනුම් දෙන තුරු සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්වය අප සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා” ෆ්ලයිඩුබායි ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
රටේ තත්ත්වය හරි නෑ! ෆ්ලයි ඩුබායි ලංකාවට එන්න බෑ කියයි! ටිකට් ගත් අයට ආපහු සල්ලිත් ගෙවයි!
2022-07-11T20:53:00+05:30
Gossip Lanka Hot News






