නිර්පාක්ෂික දේශපාලනය හරහා රට පාලනය කිරීමට එන්න හදන්නේ රැට්ටෝ, බට්ටෝ, කුට්ටෝ, මැට්ටෝ ටිකක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
නිර්පාක්ෂික දේශපාලනයක් ගැන අද සමාජයේ ලොකු සාකච්ඡාවක් ඇතත් ඒ පසුබිම ගොඩ නගන්නේ කෙසේදැයි ලොකු ප්‍රශ්නයක් බවද හෙතෙම කියා සිටියේය.
කටුනායක ගුවන්තොටුපල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව අවස්ථාවක දී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
