gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ හුවමාරුවන ලිපිය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්!

පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම් වෙත ඉදිරිපත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් කර ඇත්තේ මෙම බුද්ධි තොරතුරු පිලිබඳ ඉදිරි පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබාදී ඉහල ආරක්ෂාවක් තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බවයි.

කලු ජූලිය ඉස්මතු කරමින් මෙම මස 05 සහ 06 යන දෙදින තුළ සිදු විය හැකි යැයි පැවසෙන ත්‍රස්තප්‍රහාරක් පිළිබඳ සදහන් කර ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව බවයි එම නිවේදනයේ  දැක්වෙන්නේ. 

කෙසේ වෙතත් එම ලිපියේ සදහන් පරිදි කලු ජූලිය ඉස්මතු කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වීමට ඇති ඉඩකඩ පිළිබඳව මෙතෙක් භූමි තොරතුරු ලැබී නොමැති බවයි ආරක්ෂක අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව කලබලයකින් තොරව තම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka