gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මගේ නම තිබ්බට කටාර් තෙල් කොම්පැණිය මගේ නෙවෙයි – නාමල් රාජපක්ෂ

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබද අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමෙන් වළකින්නැයි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ වැඩිමල් පුත්‍රයා සියළු දෙනාගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

මේ අතර, කටාර් රාජ්‍යයේ ඉන්ධන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයන් අතර නාමල් රාජපක්ෂ යනුවෙන් නමක් සටහන් වී තිබීම පිළිබදව ද මෙහිදි අදහස් පළවුනා.

තමාට හෝ තම පවුලේ කිසිවෙකුට අදාල සමාගම සමග සම්බන්ධතාවයක් නොමැති බවත් ඒ නම සඳහන් නාමල් රාජපක්ෂ තමා නොවන බවත් ඔහු අවධාරණය කරනවා.

මෙරටට ඉන්ධන ගෙන්වීමට සූදානම් වන කටාර් රාජ්‍යයේ ඉන්ධන සමාගමක අයිතිකාරීත්වය නාමල් රාජපක්ෂ සතු බවට විවිධ පුවත් පළ විය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka