gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කන්දකාඩු රැඳවියාගේ මරණයට සැක පිට ආමි දෙන්නෙකුයි එයාර්ෆෝස් දෙන්නෙකුයි පොලිස් අත්අඩංගුවට!

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (1) සැකපිට  අත්අඩංගුවට ගත්බව වැලිකන්ද පොලිසිය කියයි.

ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථා දෙකකදී රැඳවියන් 647 දෙනකු සෝමාවතී රක්ෂිතයට පැන ගොස් සිටි අතර යුදහමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී රැඳවියෝ රැසක් අත්අඩංගුවට පත්වූහ. 

පලාගිය රැඳවියෝ අතරින් 126 කට ආසන්න රැඳවියන් පිරිසක් අතුරැදන්ව සිටින බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (2) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka