gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේදාසගේ 22ට මෛත්‍රී ගහයි! ඒක වැඩක් නෑ! ගෝඨාට ඔක්කොම බලතල දීලා! මිනිස්සු ඉල්ලුවේ මේක නෙමෙයි!

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස් බව කී හිටපු ජනාධිපතිවරයා එමගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම  තවත් බලතල ලබාදී ඇති බවත්, එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් කීවේය.

වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට තවමත් සූදානම් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

පසුගිය මැතිවරණයන් සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සටන්පාඨය වූ ජාතික ආරක්‍ෂාව ඇතුළු සියලු සටන්පාඨ මේ වන විට අවලංගු වී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka