gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ ගොඩනැගිලි අත්පත් කරගැනීමට අරගලය මෙහෙයවූ දේශපාලන පක්ෂ තහනමකට?

ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් රජයේ ගොඩනැඟිලි අල්ලා ගත් හා හිංසාකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වුණු කණ්ඩායම්, සංවිධාන හෝ දේශපාලන පක්ෂ තහනම් කිරීමට රජය සළකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එලෙසම එළඹෙන අගෝස්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත රජයට එරෙහි විරෝධතාවයන්ට සම්බන්ධයෙන් කටයුතු කිරීමට මහජන ආරක්ෂක අංශය නීති උපදෙස් පතා ඇතැයි ද වාර්තා වී තිබේ.

පසුගියදා ගාලු මුවදොර අරගලය ආශ්‍රිත පිරිස ඉලක්ක කරගෙන මෙවන් ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් වේ. කෙසේ වෙතත් සාමකාමී ලෙස විරෝධතාවයෙහි නිරත වන විරෝධතාකරුවන්ට මෙම නව තීරණවලින් බලපෑමක් නොවන අන්දමින් කටයුතු කරන බව ද සඳහන් ය.

මේ වන විටත් හදිසි නීතිය පනවා ඇති අතර අගෝස්තු 18 වැනිදා දක්වා එය බලපැවැත්වේ. මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේදී යළිත් හදිසි නීතිය සම්මත වුවහොත් එය තව මාසයක් කාලයක් සඳහා වලංගු වේ.

විවිධ චෝදනා මත මේ වන විටත් අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් අත්අඩංගුවට ගැනීම සඳහා 150 දෙනෙකුගෙන් පමණ සමන්විත නම් ලැයිස්තුවක් සකස් කර ඇතැයි සඳහන්ය.

ජනපති රනිල් වික්‍රමසිංහ  ගේ නිවස ගිනි තැබූ පුද්ගලයින් 14 දෙනෙකු හඳනා ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප මේ වන විටත් මාධ්‍යයට නිකුත් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka