පවුල්වාදය සහ විප්ලවවාදය පරදන්න ඩලස්ගෙන් නව සන්ධානයක්!
දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඩලස් අලහප්පෙරුම නායකත්වය දරන කණ්ඩායම සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම කණ්ඩායම, විමල් වීරවංශ ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම සමඟත්, අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග සහ චම්පික රණවක සමගත් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පවුල්වාදය, විප්ලවවාදය යන අන්ත දෙකෙන් මිදී ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා මෙම පිරිස සැලසුම් කරමින් සිටින බව ඩලස් අලහප්පෙරුම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් අනාවරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ සමග එකඟතාවක් ඇති කර ගැනීම, දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් මැතිවරණ ජාලයක් ගොඩනැගීම, ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සම්බන්ධතාවක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ දේශපාලන වැඩපිළිවෙළක නිරත වීම යන අරමුණු මුල්කරගෙන මෙම නව දේශපාලන සන්ධානයගොඩ නැගීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.
පවුල්වාදය සහ විප්ලවවාදය පරදන්න ඩලස්ගෙන් නව සන්ධානයක්!
2022-07-31T19:53:00+05:30
Gossip Lanka Hot News






