අරගලකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගන්න යයි! නඩු නිම වනතෙක් රිමාන්ඩ් කරන්න සැලසුම්!
ජනාධිපති මන්දිරයට ඇතුළුවී ඊට හානි කර ඇතැයි චෝදනා කරමින් ගාලු මුවදොර අරගලකරුවන් සිය ගණනක් පොලිසිය යොදා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි නීතීඥ නුවන් බෝපගේ මහතා සඳහන් කරයි.
පුරාවිද්‍යා පනත යටතේ නඩු පවරා අධිකරණ කටයුතු අවසන් වන තෙක් එම පිරිස බන්ධනාගාරවල රඳවා තැබීමේ උත්සාහයක් තිබෙන බවද ඔහු පැවසීය.
පොලිසිය හරහා විවිධ උසාවි නියෝග ලබා ගැනීමටත් නඩු පැවරීමත් සිදු කිරීමටත් දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බව ද හෙතෙම කියා සිටී.
පොලිසිය හා අධිකරණය මර්දන ආයතනය ලෙස යොදාගැනීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අරගලකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගන්න යයි! නඩු නිම වනතෙක් රිමාන්ඩ් කරන්න සැලසුම්!
2022-07-27T11:18:00+05:30
Gossip Lanka Hot News






