මන්දිර ඇල්ලූ අරගලකරුවන් හදුනාගනී! ඇගිලි සලකුණු සියල්ල අපරාධකරුවන්ගේ ලයිස්තුවට!
ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රජයේ ස්ථානවලට කඩාවැදී දේපල අලාභ හානි කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයන් අනූවක් පමණ පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
මෙසේ හඳුනාගත් කණ්ඩායම් සඳහා නීතිපති උපදෙස් මත අත් අඩංගුවට ගැනීමටත් නඩු පැවරීමටත් එමෙන්ම ඔවුන්ගේ ඇඟිලි සලකුණු පොලිසියේ අපරාධකරුවන්ගේ ගොනුවට ඇතුළත් කිරීමටත් පියවර ගන්නා බව පොලිසිය කියා සිටියේ.
පොලිස් වාර්තා ලබා ගැනීමට යාමේදී එම චෝදනා වලට හසුවන සියලුම දෙනා රාජ්‍ය දේපොළ හානි කළ පුද්ගලයන් ලෙස වර්ගීකරණය වන බවත් පොලිසිය කියා සිටී.
කෙසේ නමුත් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් හැර සාමකාමී අරගලයේ නිරත වූවනට මෙම ක්‍රියාදාමයේදී බලපෑමක් සිදු නොවන බවද පොලිසිය තවදුරටත් පවසයි.
මන්දිර ඇල්ලූ අරගලකරුවන් හදුනාගනී! ඇගිලි සලකුණු සියල්ල අපරාධකරුවන්ගේ ලයිස්තුවට!
2022-07-23T16:48:00+05:30
Gossip Lanka Hot News






