ගෝටාගෝගමට දැඩි හමුදා ප‍්‍රහාරයක්... ජනාධිපති කාර්යාලය මුදා ගනී... අරගලකරුවෝ පැන දුවති (VIDEO)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාළු මුවදොර රැඳී සිටි අරගල කරුවන්ට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ
මේ වන විට ඔවුන් අරගලකරුවන්ට පහර දි එම ස්ථානයෙන් පන්නා දමා ජනාදිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටී.
ඉතා කෙටි වේලාවක් ඇතුලත ජනාධිපති ලේකම් කාර්යාලය හා ආසන්න ප‍්‍රදේශ මුදා ගැනීමට හමුදා බල ඇණි සමත්ව ඇත.
අරගලයේ යෙදුනු පිරිස් භූමිය අතහැර ගාළු මුවදොර දෙසට පලා ගොස් ඇත. නමුත් ගාළු මුවදොරට ඇතුළුවන පිටවන සියළු මාර්ග වසා දැමීමට කටයුතු කර ඇත.
අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබේ.
ගෝටාගෝගමට දැඩි හමුදා ප‍්‍රහාරයක්... ජනාධිපති කාර්යාලය මුදා ගනී... අරගලකරුවෝ පැන දුවති (VIDEO)
2022-07-22T06:55:00+05:30
Gossip Lanka Hot News






