gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැංකුවල තිබූ තැන්පත්කරුවන්ගේ පොලියෙනුත් සල්ලි ඇඳලා! ආණ්ඩුව කරපු දේ ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්!

කොවිඩ් සමයේදී මහ බැංකුව විසින් ව්‍යාපාරිකයින්ට ලබා දුන් සහන සහ ණය ලබා දුන් හැටි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙළිදරව්වක් සිදුකළා.

එම සහන ලබා දීමට මුදල් ලබා දුන්නේ කෙසේද යන්න මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ අතර ඔහු කියා සිටියේ එම සහන ලබා දීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා නොදුන් බවයි.

එම සහන ලබාදීමට අවශ්‍ය මුදල් ලබා දිය යුත්තේ බදු ගෙවන්නාගේ මුදල් බවත් අනෙක් රටවලත් කොවිඩ් සමයේ සහන ලබා දුන්නේ ඒ ආකාරයට බවත් ඒ මහතා කියා සිටියා.

නමුත් මහ බැංකුව සහන ලබාදීමේ වියදම සම්පූර්ණයෙන් දැරුවේ බැංකු පද්ධතියේ තිබෙන තැන්පත්කරුවන්ගේ මුදල් වල පොලියෙන් බවත් බදු ගෙවන්නන්ගේ මුදල් සත පහක්වත් රජය ලබා නොදුන් බවත් ඔහු අනාවරණය කළා.

ව්‍යාපාරිකයින්ට කොවිඩ් සමයේ සහන දිය යුතු බවට රජය මහ බැංකුවට නියෝග කළද ඒ සඳහා මුදල් ලබා දීමක් කිසිවිටෙක සිදු නොවූ බවත් එනිසා තැන්පත්කරුවන්ගේ සල්ලි වලින් සහන සඳහා මුදල් ලබා ගත් බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.

සහන ලබා දෙන්න නියෝග ලබා දෙන විට ඊට අදාල මුදල් ලබා දෙන්නේ කොහෙන්ද යන්න කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළ යුතුව ඇති බවත් සහන ලබා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මුදල් ලබා දෙන්නේ කෙසේද යන්න නොතිබූ බවත් නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) හිරු නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka