gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කැරලිකරුවන් ආයුධ සන්නද්ද වීමේ සූදානමක්! මනුෂගෙන් හෙළිදරව්වක්!

පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ඉන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකි නිසා රාජ්‍ය දේපලවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට පුද්ගලයන් පිරිසක් බලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් හමුදා විසින් මුදා ගනු ලැබුවේ රාජ්‍යය ආරක්ෂා කිරීමට පැවරුණු රාජකාරිය වෙනුවෙන් බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අරගලයේ මතවාදය ඉදිරියට ගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත් පැවසූ ඔහු ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා පරිශ්‍රය ඉවත් නොකරන බවද කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka