gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැයි 9 මහින්ද ගෙදර ගියා! ජුනි 9 බැසිල් ගෙදර ගියා! ජුලි 9 රනිල්ට ගෙදර යන්න වෙයිද?

ඉදිරි දින කිහිපය ඇතුළත නව මුදල් අමාත්‍යවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව ආණ්ඩුවට සමීප විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

බොහෝ දුරට ජුලි 9 වැනි දින මෙම පත්කිරීම සිදුවනු ඇති බව එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඇතැම් ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙම තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන්ද ඉවත් වීමට ඉඩකඩ ඇති බවකි.

එසේ වුවහොත් එය ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී තත්ත්වයක් වනු ඇත.

මන්ද යත් ඉකුත් මැයි 9 වැනිදා සිදුවූ අරගලයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයෙන් ඉවත්ව යාමට සිදුවිය.

ජුනි 9 වැනිදා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් වීමට සිදුවිය.

ඒ අනුව බොහෝ දෙනා බලා සිටින්නේ ජුලි 9 වැනි දින කුමන පෙරළියක් සිදුවන්නේදැයි බලාගෙනය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka