gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිව්රුම් දීලා පැය 24ක් යන්න ඉස්සෙල්ලා කරපු නින්දිත ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා... සිද්ධ වෙච්ච ජාත්‍යන්තර අපකීර්තියට ජනාධිපතිවරයා ඍජුවම වගකිව යුතුයි - කාදිනල් හිමිපාණන්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුරේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර ඇති ඇතැයිද අගරදගුරුතුමෝ කීහ.

ජනාධිපති කාර්යාලය අසලින් අද (22) ඉවත්වන බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදීත් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඒ සියල්ලට වගකිව යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

මෙම අවස්ථාවේ අපමණ දුක් පීඩාවන්ට ලක්ව සිටින අහිංසක ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් හා හමුදා බලය යොදා මර්දනය කිරීම වහා නවතා දමන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ කීහ.

ගාලුමුවදොර පිටියේ හා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ නිරායුධ, කිසිඳු ප්‍රචණ්ඩත්වයකින් තොරව හා ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවයේ යෙදී සිටි අරගලකරුවන් වෙත රාත්‍රී නින්දේ සිටි අවස්ථාවේ දී එල්ල කළ ව්‍යවස්ථා විරෝධී මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකර එයට පණදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka