gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගල කරුවන්ට පහර දීලා තියෙන්නෙ කටගොන්නක් බීමත් හමුදා පුද්ගලයින් පිරිසක් - නීතිඥ උපුල් කුමරප්පෙරුම

අද (22) අළුයම  අරගලකරුවන්ට  පහරදීමට පැමිණි හමුදා නිලධාරීන් අධික බීමත්කමින් සිටි බව වාර්තා වන්නේ යැයි නිතීතිඥ නීතිඥ, උපුල් කුමරප්පෙරුම පැවසුවේය. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විසින් බත්තරමුල්ලේ දී  සංවිධානය කළ පුවත් පත් සාකච්ඡාවක දී මාධ්‍ය අමතා ඔහු ප්‍රකාශ කළේ මේ බීමත් හමුදා පුද්ගලයින් සම්බන්ධව පහරකෑමට ලක් වූ නීතිඥයින් මෙන්ම පහර කෑ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කරුණු දක්වා ඇතැයි ඔහු කීවේය.

මාධ්‍ය හමුව අමතා ඔහු ප්‍රකාශ කළේ ණය සහන ලබා ගෙන රට ගොඩ දැමීමට පැමිණි රජයක් මෙවැනි අනීතික ම්ලේච්ඡ ප්‍රහාර ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර අපේක්ෂා කරන ණය සහන ඉල්ලන්නේ කවරෙකුගෙන් ද යන්නය.

ඔහු මෙසේ ද පැවසුවේය.

එක්සත් රාජධානියත්, එක්සත් ජනපදයත්, කැනඩාවත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා. අපි ණය ගනුදෙනු කථාකරන්න ඕනෑ ඔය රටවල්වල නියෝජිතයෝ එක්ක. එහෙම තිබෙද්දී රටේ මුදල් ඇමති, විදේශ ඇමති හෝ මහ බැංකු අධිපතිට ලෝකය හමුවේ අපේ රටේ මානව අයිතිවාසිකම් ගැන, නීතියේ පාලනය ගැන, කියන්න පුළුවන්ද?

අරගල භූමිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා. විදේශ තානාපතිවරුන් මේ සාමකාමී අරගලය ආරක්ෂා කරන ලෙස හිටපු ජනාධිපතිවරයාටත් මේ ජනාධිපතිවරයාටත් හිටපු කැබිනට් මණ්ඩලයටත් දන්වා තිබුණා.

ඒ සියල්ල තිබියදී පහර කෑමට ලක්වුණු වින්දිතයන් වෙනුවෙන් ක්‍රියාකළ නීතිඥයන් වගේම පහර කෑමට ලක්වුණු නීතිඥයන් කරුණු දක්වමින්, ප්‍රහාරක හමුදා අධික බීමත්කමින් සිටි බව වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරකයන් උදලු මිටිවලට සමාන පොලුවලින් පහර දුන් බව ප්‍රකාශ කර තිබෙනවා. මැයි 09වැනිදා ප්‍රහාරයට ලක්වුණු අනුරංග නමැති අරගලකරුවාටත් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ නීතිඥ නුවන් බෝපගේ ඔහුව බේරන්න මැදිහත් වී තිබෙනවා. නුවන් බෝපගේට පහර දී තිබෙන්නේ ඒ අවස්ථාවේදී.

කාන්තාවකටත් අමානුෂික අයුරින් පහර දී ඇති ආකාරය ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට පහර දෙන්න හමුදාවට බලයක් දී තිබෙන්නේ කොහෙන්ද?

රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ 1988-1989යේ මර්දනය මම පුද්ගලිකව දැක තිබෙනවා. කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පරිණත වුණු, නීතියත් එක්ක කටයුතු කරන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කෙනෙක් හැටියට මිථ්‍යාවක් ඇති වුණා. මිනිස්සු ඒ මිථ්‍යාව විශ්වාස කළා. ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය 24ක් යන්නත් කලින් ඉවත් වීමට සිටි අරගලකරුවන්ට ගහන්න හේතුව මොකක්ද? හමුදාව යවන්නේ මොන කාරණයකටද?

හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයා හමුවන්න ජනාධිපති ඊයේ සවස ගිය බවට ප්‍රවෘත්ති තිබෙනවා. රාජ්‍ය නායකයා “මේක ගහලා ඉවර කරන්න.” කියලා තිබෙනවාද? නිරායුධ මිනිසුන්ට ප්‍රහාර එල්ල කරන්න අණ දෙන්න රාජ්‍ය නායකයාට පුළුවන්ද? හමුදාවක් කියන්නේ විනයක් සහිතව විධායකයේ කොටසක් ලෙස පාලනය වෙන ආයතනයක්. රටේ මිනිසුන්ට පොලු කෑලිවලින් ගහන්න, තුවක්කුවලින් හෝ වෙන දේකින් ගහන්න, ඒ මිනිසුන්ගේ දේපළ විනාශ කරන්න හමුදාවට හැකියාවක් නැහැ.

හමුදාපතිවරුන් තිදෙනා සහ පොලිස්පතිවරයා ඊයේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, එහි ම්ලේච්ඡභාවය සම්බන්ධයෙන්, අතුරුදහන් වූ දේපළ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතුයි.

අරගල භූමිය යම් අවස්ථාවකදී මේ රටේ සංස්කෘතික භූමියක් බවට පත්වුණා. එතැන කැමරා තිබුණා. චිත්‍රපට ශාලා තිබුණා. කලාගාරයක් තිබුණා. පුස්තකාලයක් තිබුණා. ප්‍රොජෙක්ටර්, කම්පියුටර්, වීඩියෝ කැමරා, ඔවුන්ගේ දුරකථන ආදී සියල්ල අරගෙන ගිහින්. අපරාධයක් සම්බන්ධයෙන් නම්, නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් තිබෙනවා. මේ බඩු ගෙනගියේ මොන නීතියෙන්ද? නඩු භාණ්ඩයක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමයක් තිබෙනවා. මෙතනදි මංකොල්ල කෑමක් තිබෙන්නේ.

ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට පහර දුන්නේ කුමන කාරණයක් මතද, දේපළ විනාශ කළේ කුමන කාරණයක් මතද? අත්අඩංගුවට ගත්තේ කුමන කාරණයක් මතද, බඩු භාණ්ඩ ගෙනගියේ කුමන කාරණයක් යටතේද? කියලා පැහැදිලි කිරීමේ වගකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ යුතුයි.

මේ වන විට ජනාධිපතිටත් මේ වගකීම පැවරී තිබෙනවා. වහාම ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka