ආරක්ෂක ලේකම්වරයා ගෙන් විශේෂ දැනුම් දීමක්!
ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සිදුකරනු ලබන මහජන විරෝධතාවයන්ට මුවාවී ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුකිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා.
මෙම සංවිධානත්මක පිරිස් විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති එවැනි ක්‍රියාවන් හේතුවෙන් සාමාන්‍ය ජනතාව කුපිත කොට පසුගිය මැයි මස 09 වෙනිදා ඇතිවූ ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරිමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු පවතින බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටින්නේ.
මේ හේතුවේ මහජනතාව පොදු දේපළ වලට හානි කිරීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැලකී සාමකාමී අයුරින් කටයුතු කිරීම ඉතා වැදගත් බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.
පවතින තත්ත්වය මත රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ පුර්ණ බලතල පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට ලබාදී ඇති බවත්, නීතිය හා සාමය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටිනවා.
ආරක්ෂක ලේකම්වරයා ගෙන් විශේෂ දැනුම් දීමක්!
2022-07-08T23:02:00+05:30
Gossip Lanka Hot News





