හිටපු ජනපති ගෝටාභය යලි ලංකාවට... කොළඹින් නිල නිවසක්... වරප‍්‍රසාද සියල්ල සූදානම්!
එළැඹෙන මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.
ඒ අනුව ඒ මහතාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.
දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
හිටපු ජනපති ගෝටාභය යලි ලංකාවට... කොළඹින් නිල නිවසක්... වරප‍්‍රසාද සියල්ල සූදානම්!
2022-07-17T07:09:00+05:30
Gossip Lanka Hot News






