ගෝඨා ගෙනයන්න බෑ කියා ගුවන් යානයක් ගුවනේදීම ආපසු හරවයි
මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
ඉන්දියාවේ සිට ගුවන්ගත වූ මෙම යානය නැවත ඉන්දියාවට ගෙන්වාගෙන ඇත්තේ මාලදිවයිනට යාමට ගුවන් ගතවී පැය භාගයකට පසුවය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ජනපති බිරිඳ එම යානයෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් නැවත හරවාගෙන එන ලෙස නියමුවන්ට උපදෙස් දී ඇතැයි හෙළි වී තිබේ.
ජනපතිවරයාව මාලදිවයිනේ සිට සිංගප්පූරුවට රැගෙන යාමට ගුවන් යානා තුනක් පමණ සූදානම් කළද විවිධ ජාත්‍යන්තර බලපෑම් නිසා එම ගුවන් යානා රැගෙන යාම ප්‍රතික්ෂේප කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.
– අරුණ
ගෝඨා ගෙනයන්න බෑ කියා ගුවන් යානයක් ගුවනේදීම ආපසු හරවයි
2022-07-18T10:34:00+05:30
Gossip Lanka Hot News






