gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති තෝරන්න නාමයෝජනා කැඳවීම හෙට! අද ඉඳන්ම පාර්ලිමේන්තුව වටේම පාරවල් වහයි! ආරක්ෂාව දැඩි කරයි!

පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබියදී අද උදෑසන පටන් ඒ අවට ආරක්ෂාව දැඩිකර තිබෙනවා. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇති බවයි දක්නට ඇත්තේ.

ඉල්ලා අස්වූ ජනාධිපතිවරයා වෙනුවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට දිනයේ දී පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම 20 වෙනිදා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ලෙස පැවැත්වෙනවා.

හෙට දිනයේ අපේක්ෂක මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර අනතුරුව ඔහු විසින් එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත්කරන බවයි වාර්තා වෙන්නේ. ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට නියමිතයි.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 145ක් පොහොට්ටුව සතුවන අතර සමගි ජනබලවේගය සතුව ඇත්තේ මන්ත්‍රී ආසන 54ක්.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය සතුව මන්ත්‍රී ආසන 10ක්, ජාතික ජනබලවේගය සතුව මන්ත්‍රී ආසන 3ක්, ඊලාම් ජනතාවාදි පක්ෂයට සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 2ක් හිමිව තිබෙනවා.

මීට අමතරව තමිල් මක්කල් විඩුදලෙප් පුලිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කුට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට මන්ත්‍රී ආසන එක බැගින් හිමියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka