ජනාධිපතිවරයා තෝරා පත් කරගැනිමේ ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දීමට ගනු ලැබූ තීන්දුවට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් කීප දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ඔවුන් දැනට දරන තනතුරුවලින් ඉවත් කිරීමට එම පෙරමුණ තීරණය කර තිබේ.
ඒ අනුව සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඇතුළු ප්‍රබලයින් රැසකට එරෙහිව පියවර ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
පක්ෂය ගනුලැබූ තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මෙන්ම ඩලස් අලහප්පෙරුම පක්ෂයේ තීරණයට පටහැනිව ඉදිරිපත් කිරීම හා පාර්ලිමේන්තුවේ දී ඔහුගේ නම ස්ථිර කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස්ටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ඩලස් අලහප්පෙරුමටත්, ඔහුට සහාය දැක්වූ සියලු දෙනාටත් විනය කඩකිරීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණ අවසන් කර ඔවුනට එරෙහිව පක්ෂයෙන් පලවා හැරීම දක්වා වූ දඬුවම් ලබා දෙන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
