2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදු කළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද වරෙන්තු නිකුත් කළා.
2021 වසරේ කොටුව ප්‍රදේශයේ සිදු කළ උද්ඝෝෂණයකදී අයුතු අවහිරයක් වන ආකාරයෙන් කටයුතු කලේ යැයි කොටුව පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුන් වශයෙන් නම් කර සිටින වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නෑ.
ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කළා.
