ඩලස්ට සහාය දීමේ වරදට ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කර ඇති බව දැන ගන්නට තිබේ.
පාර්ලිමේන්තුව මගින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ සඳහා පක්‍ෂයේ මතයට පිටින් අදහස් පළ කිරීම ඊට හේතු වී ඇත.
ජී.එල්. පීරිස් මහතා සදහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා පක්ෂයේ පුද්ගලයකු නිසා ඔහුට සහය දීමට පක්ෂය තීරණය කළ යුතු බවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ තම පක්‍ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමටත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල නිලවරණයේ දී සහාය ලබාදීමටත් ය.
ඩලස්ට සහාය දීමේ වරදට ජී.එල්. පොහොට්ටු සභාපතිකමෙන් පන්නයි
2022-07-16T10:04:00+05:30
Gossip Lanka Hot News






