ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතව ඇත.
මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.
