මං ජනාධිපති වුන ගමන් රනිල් අගමැතිකමෙන් ඉවත් කරනවා - ඩලස් අලහප්පෙරුම
තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇත. නමුත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බවට ද හෙතෙම සඳහන් කර තිබේ.
අරගල කරමින් සිටින ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරන ලෙස එවන් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට තමන් කිසි විටෙක සූදානම් නැති බවත්් ඔහු පවසා ඇත.
ගොඩනගන පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂය නියෝජනය කරන අයෙකුට ලබා දිය යුතු බවද අලහප්පෙරුම මහතාගේ අදහස වී ඇත.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී පිරිසක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.
මං ජනාධිපති වුන ගමන් රනිල් අගමැතිකමෙන් ඉවත් කරනවා - ඩලස් අලහප්පෙරුම
2022-07-19T06:58:00+05:30
Gossip Lanka Hot News






