gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ ජනගහනයෙන් 70%කට විධායක ජනාධිපති එපාම වෙල... දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක් ම විධායක ජනාධිපති ක්‍රමය ‍අහෝසි කළ යුතුයැයි සමීක්ෂණයකින් හෙළි වී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස්කම් අවශ්‍යයැයි පවසන සංඛ්‍යාව 80%කි.

මේ බව අනාවරණය වී ඇත්තේ වෙරිටේ රිසර්ච් විසින් සිදුකළ දීප ව්‍යාප් සමීක්ෂණයකිනි. එම සමීක්ෂණය 2022 ජුනි මාසයේ සිදුකර ඇති අතර ශ්‍ර්‍රී ලංකාවේ සියලු ජාතීන් සහ දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි පුද්ගලයන් 1052ක් මෙම සමීක්ෂණයට සම්බන්ධ කරගෙන ඇත.

සමීක්ෂණයට ලක් වූ පුද්ගලයන් අතරින් 70%ක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයැයි සෘජුව පවසන අතර 15%ක පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය එළෙසම පවත්වාගෙන යා යුතුයැයි පවසා ඇත. මීට අමතරව තවත් කණ්ඩායමක් පවසා ැඅත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර සංශෝධිත බලයන් යටතේ පවත්වාගෙන යා යුතු බවයි. මේ කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ පිරිස ද එම කුලකයට ඇතුළත් කළ විට ඔවුන් ප්‍රමාණය 15%කි.

ඒ අනුව බැලීමේ දී පෙනී යන්නේ රටේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම අවශ්‍යයැයි පවසන බවයි.

සමීක්ෂණය සිදුකර ඇත්තේ එයට සම්බන්ධ වූ පුද්ගලයන් වයස් කාණ්ඩ තුනකට ඇතුළත් කරමින්

ඒ අනුව

වයස අවුරුදු 18-30ත් අතර පුද්ගයන්ගෙන් 71%ක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව සෘජුව පවසා ඇත.

වයස අවුරුදු 31-60ත් අතර පුද්ගලයන්ගෙන් 69%ක් විධායක ජනාධිපති ක්‍රමය අහෝස් කළ යුතු බව පවසා ඇත.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයැයි පැවසූ ප්‍රමාණය 67%කි.

මීට අමතරව පළාත් මට්ටමින් දත්ත විශ්ලේෂණය කළ විට පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර පළාත, උතුරු පළාත සහ දකුණු පළාත යන පළාත් තුනෙහි වැඩි පිරිසක් විධායක ජනාධිපතිධූරය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එය නැගෙනහිර පළාත 85%ක්, උතුරු පළාත 83%ක් සහ දකුණු පළාත 80%ක් වශයෙනි. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරපු අඩුම පිරිසක් ඇත්තේ සබරගමුව පළාතේ ය. එම සංඛ්‍යාව 55%කි. අනිකුත් පළාත් වන මධ්‍යම පළාත් 78%ක්, උතුරු මැද පළාත 68%ක්, වයඹ පළාත 63%ක්, ඌව පළාත 62%ක් සහ බස්නාහිර පළාත 62%ක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය ‍ප්‍රතික්ෂේප කර තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka