ධම්මික පෙරේරා ඇමතිකමින් ඉවත් කරන්න – අගමැති රනිල් ජනපතිට කියයි
කැබිනට් සම්ප්‍රදාය කඩ කළ ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ධම්මික පෙරේරා සම්බන්ධව ජනාධිපතිවරයා තීරණයක් නොගන්නේ නම් තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස මධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිම ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු කරගෙන යෑමට දැඩි බාධාවක් එල්ල වන බව අගමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දි ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කර ඇත.
මේ අතර ධම්මික පෙරේරා සිදුකර ඇති ප්‍රකාශයට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
- lankasara
ධම්මික පෙරේරා ඇමතිකමින් ඉවත් කරන්න – අගමැති රනිල් ජනපතිට කියයි
2022-07-08T12:18:00+05:30
Gossip Lanka Hot News






