gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න - චම්පික නාමල්ට කියයි

මැයි 09 වැනිදා බේරේ වැව වටේ දී මේ රටේ ජනතාව ඉගැන්වූ පාඩම  සිහිකරගෙන  මේ වනවිටත්   ගෑස්, ඉන්ධන සහ ගල් අඟුරු ගනුදෙනුවලට  කරන මැදිහත් වීමෙන් ඉවත්ව සිටින ලෙස 43 කණ්ඩායමේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලෙන් ඉල්ලා සිටියේය.

දැන්  නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල මේ  දේශපාලන වේදිකායෙන්  බැස යා යුතු කාලය බවත් ඔවුන්ගේ සෑම දේශපාලන හැසිරිමක්ම රටේ ජනතාවගේ කෝපය අවුලුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අද  (03) 43 කණ්ඩායම කැඳවූ  විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“බොහොම කරුණාවෙන් සහ මේ රටේ ජනතාවගේ පැත්තෙන් කිව්වොත්, ඉතාම ආවේගයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ ඔය නාමල් රාජපක්ෂ මහත්තයලට කරුණාකරලා ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. කරුණාකරලා ඔබලා විසින් මේ රටෙන් මංකොල්ල කන ලද ධනය, මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔබලා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුළ තියෙන්නේ අතිශය පිළිකුල් සහගත තත්වයක්.“

“ ඊළඟ මැතිවරණයෙන් ඔය පොහොට්ටුවේ කයි කාරයින්ට තේරෙයි මොකක්ද තත්වේ කියලා. මතක තියාගන්න මැයි 9 වෙනිදා මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්නුවා බේරේ වැව වටේදි. ඒ පාඩමවත් සිහියේ තබාගෙන දේශපාලනයෙන් කරුණාකරලා මේවට මැදිහත් නොවී ඉවත් වෙලා ඉන්න. ඔබලා මේවට ඇඟිලි ගහන වාරයක් පාසා වෙන්නේ මොකක්ද? රටේ ජනතාවගේ ප්‍රකෝපය තව ඉහළ නංවන එක විතරයි.“

“විශේෂයෙන්ම මේ රට කරන ගෑස් ගණුදෙනු, තෙල් ගණුදෙනු, ගල් අඟුරුවලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් ඔවුන් ඉවත් විය යුතුයි. ඔවුන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා. ඒ නිසා ඒ ඒ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කියනවා.  වහාම දේශපාලනයෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා ඉන්න.   ඒක තමයි මේ මොහොතේ ඔබේ පවුලටත්, මේ රටටත් කරන්න පුළුවන් ලොකුම උපකාරය.”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka