gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුපුන් තත්පර 10ට අඩුවෙන් මීටර් 100 දුවමින් Sub 10 සාමාජිකයෙක් වෙයි! ආසියාවේම 10 දෙනයි! දකුණු ආසියාවෙන් පළමුවැනියා!’ දිනලා කියපු දුක හිතෙන කතාව මෙන්න! (VIDEO)

ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද (03) සමත් වුණි. ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමිනි.

තත්පර 10ට අඩුවෙන් මීටර් 100 තරගය නිමා කළ පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා වන්නේ යුපුන්ය.

ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසය.

මීට පෙර එම වාර්තාව ඔහු විසින්ම පිහිටුවා තිබූ අතර එහිදී කාලය සටහන් වුණේ තත්තර 10.06 ලෙසය.

තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් වාර්තා අතරට එක් වුණි.

ඒ සම්බන්ධයෙන් යුපුන් තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
The wait is over !!!!!! 9.96 sec 🔥🔥🔥❤️❤️❤️

මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි උනා , ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බුනා .ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member !

බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පලවෙනි Sub 10 එක.ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම.

මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විස්වාස කරපු අයට මං pay back කලා කියලා මං හිතනවා. ආදරෙයි

ගොඩක්.ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. 

ඒ හින්දා දැන් මීඩියා වලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න. 😉

ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම.

මේක කරේ මං මටත් වඩා මාව විස්වාස කරපු ඔයලාට.

❤️
❤️
🙏🏽
🙏🏽
Thank you my team ! We did it ❤️

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka