gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අයින් වෙනවා! සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩදීලා අපිත් අයින් වෙන්න ඕනෑ! මෙන්න ප්‍රසන්නත් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි!

අපගේ මාතෘ භූමිය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින බව අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසනවා. ඔහු කියන්නේ මාතෘ භූමිය මේ ඛේදජනක තත්ත්වයට පත්වීමට වසර හැත්තෑ හතරක් තිස්සේ මෙරට ආණ්ඩු කළ සියලු පාලකයන් වගකිව යුතු බවයි.

අකාර්යක්ෂම රාජ්‍ය පාලනය අද මේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩාවන්ට ප්‍රධානතම හේතුව බව අමාත්‍යවරයා පවසනවා.

ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ජනාධිපතිතුමාට ධුරයෙන් ඉවත්වන ලෙසට ප්‍රබල ජනතා බලපෑමක් එල්ල වී ඇත. එම ජන මතයට හිස නමමින් මේ මස දහතුන් වැනිදා සිය ධුරයෙන් ඉවත්වන බව ජනාධිපතිතුමා මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇත .එබැවින් මේ මොහොතේ මහජන නියෝජිතයන් වන අපගේ වගකීම වන්නේ තව දුරටත් ජනතාව විශ්වාස නොකරන පැලැස්තර පිළියම් ලබා දීම නොවේ. අපේ වගකීම වන්නේ ජනතාව වර්තමානයේ මුහුණ දී ඇති පීඩාවන්ට කඩිනම් විසඳුම් ලබා දීම මෙන්ම ජනතාව විශ්වාස කරන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීමයි.

එය සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය. ඒ සඳහා පෙරමුණ ගැනීම මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තුවේ 225 දෙනාටම පැවරෙන මගහැරිය නොහැකි යුතුකමකි, වගකීමකි. මේ මොහොතේ අපේ යුතුකම සහ වගකීම වන්නේ ජනතාව ඉල්ලන සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට ඉඩ ලබා දීමය. එම සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට මේ මොහොතේ ජනතාව පීඩාවට පත් කරන තෙල් ගෑස් පොහොර විදුලිය අත්‍යවශ්‍ය ආහාර වැනි සියලු ගැටලු වලට විසඳුම් ලබා ලබාදීම සඳහා සහය වීම ය.

ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම සඳහා ක්‍රමවේදයක් සැකසීම ය. කොවිඩ් වසංගතය හා වත්මන් ආර්ථික අර්බුදය නිසා අඩාල වූ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය. කෙටි කාලයක් තුළ නිශ්චිත කාල පරාසයක නිශ්චිත වැඩපිළිවෙලක් මඟින් ජනතාව මේ මොහොතේ මුහුණ දෙන ගැටලු විසඳා ඔවුන් අපේක්ෂා කරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව සැලසෙන පරිදි කඩිනම් මැතිවරණයකට යා යුතුයැයි මම විශ්වාස කරමි.

ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න යැයි ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනය කරමි” යැයි නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පවසනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka