gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා ගෙදරටවත් වද්දාගන්න මම කැමති නෑ… සබදකම් අතහැරියා..- ඥාණා මෑණියෝ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග තිබූ සියළු සබදකම් මේ වන විට නවතා දමා ඇතැයි ඥාණා අක්කා නම් ප්‍රසිද්ධ අනුරාධපුර දේවාලයේ ඥාණා මෑනියන් පවසයි.
ඇය සදහන් කරන්නේ යන එන මං නොමැති මේ මේ මොහොතේ රැකවරණය පැතුවත් ඔහු තම නිවසට වද්දා නොගන්නා බවයි. ඇය මේ බව සදහන් කර තිබුනේ Youtube නාලිකාවක් සමග සාකච්ජාවකට එක් වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂකයෙකු සහ ඥාණා මෑණියන් අතර සිදුවන එම කතා බහේදී ඇය අනාවරණය කර ඇත්තේ ගෝඨාභය පවුල සහ සිය දේවාලය අතර සම්බන්ධකම වසර 13 කට අධික බවයි. ජනාධිපතිධූරයට පත් වීමට ප්‍රථම ඔහු සිය දේවාලයට නිතර ආව ගියද ජනපතිධූරයට පත් වූ පසු වසරක් යනතුරු තමා හමුවන්නට ඔහු නොපැමිණි බව ඇය සදහන් කරනු ලබයි.

ඔහු සිය දේවාලයට පැමිණියේ දේශපාලන තීන්දු තීරණ සදහා උපදෙස් පැතීමට නොව අසනීප තත්වයක් සදහා දේව මෑණියන්ගෙන් ප්‍රතිකාර ගැනීමට බව ද ඇය ප්‍රකාශ කරනු ලබයි.

දයාසිරි ජයසේකර,උදය ගම්මන්පිළ වැනි දේශපාලකයන් රැසක් පිළිසරණ පතා සිය දේවාලයට පැමිණෙන බව අනාවරණය කරන ඇය පවසන්නේ දේශපාලකයන් හට සේවා සැපයීම පිළිබද දැන් කණගාටුවට පත් වන බවයි.

සිය දේවාලය සහ හෝටලය ගිණිබත් වීමට ද ඒවා හේතුවක් බවට පත් වූ බව ඥාණා මෑනියන් ප්‍රකාශ කරනු ලබනවා.

එවැනි පසුබිමක ගෝඨාභය රාජපක්ෂ සමග තවදුරටත් කිසිදු සබදකමක් නොපවත්වන බව ප්‍රකාශ කරන ඇය පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සිදුකළ ප්‍රකාශයන් නිසාද සමාජය තමා පිළිබද වැරදි ප්‍රතිරූපයක් ඇතිකරගත් බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka