අපේ මිනිහා ඩලස්! අපි සහාය දෙන්න ඕන පොහොට්ටුවෙන් දාන කෙනාට! පිටස්තර අපේක්ෂකයන්ට නෙමෙයි! රනිල්ට සහාය දෙන බව කී පොහොට්ටු මහලේකම්ට ජී.එල්.ගෙන් ප්‍රහාරයක්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ, පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.
ලබන විසිවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම මහතා දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය පීරිස් මහතා ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බව සඳහන් කළේය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම කීවේය
අපේ මිනිහා ඩලස්! අපි සහාය දෙන්න ඕන පොහොට්ටුවෙන් දාන කෙනාට! පිටස්තර අපේක්ෂකයන්ට නෙමෙයි! රනිල්ට සහාය දෙන බව කී පොහොට්ටු මහලේකම්ට ජී.එල්.ගෙන් ප්‍රහාරයක්!
2022-07-15T20:57:00+05:30
Gossip Lanka Hot News






