පිටරට රස්සාවලට යන අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහන්නද ලැස්ති වෙන්නේ! පළවෙනි පාර හරියට රටට ඩොලර් එව්වේ නැතිනම් දෙවන පාර රට යන්න බෑ! මනූෂගේ අලුත්ම තීන්දුවෙන් ආපු ඩොලර් ටිකත් නැති වෙයිද?
විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් රැගෙන එම සඳහා ඉදිරියේදී අවස්ථාව ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේවෙතත් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙම තීන්දුවෙන් දැනට රටට ඩොලර් එවන ප්‍රමාණයද අඩු විය හැකි බවත්, දෙවන වර රට යාමට සිටින ජනතාවට අසාධාරණයක් විය හැකි බවත්ය
-mawratanews.
පිටරට රස්සාවලට යන අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහන්නද ලැස්ති වෙන්නේ! පළවෙනි පාර හරියට රටට ඩොලර් එව්වේ නැතිනම් දෙවන පාර රට යන්න බෑ! මනූෂගේ අලුත්ම තීන්දුවෙන් ආපු ඩොලර් ටිකත් නැති වෙයිද?
2022-07-07T14:36:00+05:30
Gossip Lanka Hot News