gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිළ සංශෝධනයට පදනමක් නෑ : 250 ට තෙල් දෙන්න පුළුවන්

රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝජිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා යළි අවධාරණය කරයි. මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට ඊයේ (06) කැඳවා තිබූ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයා කළ විමසීමකදී ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය.

ඇමතිවරයා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රය කිසිදු පදනමක් නැතිව ඉදිරිපත් කරලා ඒ අනුව මිල සංශෝධනයක් සිදුකර ඇතැයිද ඔහු පවසා තිබේ.‍

ඇමති මහින්ද අමරවීර - එතකොට ඔය ගෙනල්ලා තියෙන්නේත් රු 250ට අඩුවෙන් ද?

"දැන් අපේ ප්‍රශ්නය තියෙන්නේ ෆර්නස් ඔයිල් වියදම රු 171යි. CPC එක CEB එකට දෙන්නේ රු 419ට. රු 250ක් අයකරනවා එක ලීටරයිකින්."

ඇමති මහින්ද අමරවීර - සාමාන්‍ය මිනිස්සුන්ට ඕන ඩීසල් හා පෙට්‍රල් නේ ? ඒක රු 250ට දෙන්න පුළුවන්කම තියෙද්දි රු 400 ගාණට දෙනවා කියලා නේ ඔබතුමා කියන්නේ. ?

"කවුරු හරි කියනවා නම් රු 400යි - රු 450නම් ඒක බොරුවක්. ඒක ඇත්ත කථාව, මම කියන්නේ ගේන ගණන රු 200ක් වුණාම කොහොමද රු 400ක් වෙන්නේ. ඒක වෙන්න බෑ. TAX එකත් ගෙවලා. එක එක තෙල් මිල වෙන්නේ රු 250, රු 170ක්, රු 180ක්, රු 220ක් මේ ඇත්ත කතාව ගිය සුමානය වෙනකල්. මේ සුත්‍රය සම්පූර්ණයෙන්ම වැරදියි."

ඇමති මහින්ද අමරවීර - මම කියන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් ඔබතුමා කියන දේ වෙලා තියෙනවා නම් මේ මිනිස්සු ගෙනහල්ලා හිටුවා පස් ගහන්න ඕනේ. අපි ඔක්කෝටම නේ වගකියන්න වෙන්නේ

"වෙලා තියෙනවා. මම දුන්නාම දත්ත ටික."

ඉන්ධන ලීටරයක් අඩුමිලට ලබාදීමට හැකි ක්‍රමවේදය පිළිබඳව තවදුරටත් විමසා සිටි අවස්ථාවේදී ජනක රත්නායක මහතා ඒ පිළිබඳව මෙලෙස පැහැදිලි කළේය.

(මූලාශ්‍රය දෙරණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka