පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි කියයි…
වත්මන් පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ඉල්ලා සිටී. ගාලුමුවදොර අරගෙන කරුවන්ට පහර දීමත් සමග රජයට සහාය දීම පිළිබඳව සලකා බැලිය යුතු බව ද හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලය ඉල්ලා අස්වූයේ එම පක්ෂයට ජනමතය අහිමිවීම නිසා බවද ඔහු පැවසීය.
එනිසා දැන් කළ යුතු දෙය නව ජන මතයකට ඉඩ දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව ද හෙතෙම කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි කියයි…
2022-07-24T21:28:00+05:30
Gossip Lanka Hot News





