gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්ධය වෙලාවේ රටට එරෙහි වීම දේශද්‍රෝහී ක්‍රියාවක් නෙමෙයිද? බලය ගන්න රනිල් ඕනෑම දේශද්‍රෝහී ක්‍රියාවක් කරාවි! - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

යුද්ධය සිදු කරන වෙලාවේදී ලංකාවට උපකාර නොකරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා ජපන් රජයෙන් කර ඇතැයි කියන ඉල්ලීම හෙළා දැකීමට එවක යුද්ධය ජයග්‍රහණය කිරීම සදහා අණ දුන් යුදහමුදාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා කටයුතු කර ඇත.

එම නිවේදනය මෙසේය.

ශ්‍රීලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ශක බලකාය සහ පොලීසිය, ත්‍රස්තවාදයට එරෙහි සටනේ යෙදී සිටින මොහොතක රටට එරෙහිව ජපාන රජයෙන් මෙවන් ඉල්ලීමක් එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සිදු කලේද?

එසේ නම් එය රටට එරෙහි දේශද්‍රෝහි ක්‍රියාවක් නොවේද?

බලය ලබාගැනීම වෙනුවෙන්‍ රටට ජනතාවට එරෙහිව ඕනෑම ක්‍රියාවක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පසුබට නොවන බවට මෙය කදිම උදාහරණයක් නොවේද.

‍රාජපක්ශලා සමග බාල දේශපාලන ඩීල් සහ කූට උපක්‍රම හරහා බලය ඩැහැගත් රනිල් වික්‍රමසිංහ සිය බලය රැකගැනීමට රටට එරෙහි ඕනෑම දේශද්‍රෝහි ක්‍රියාවක් සිදුකිරීමට පසුබට නොවනු ඇති බවට මෙය කදිම සාක්ශියක් බව රටේ සියලු පුරවැසි ජනතාව තේරුම් ගත යුතුය.

ජනබලයක් හෝ ජනමතයක් නොමැති දේශද්‍රෝහි රනිල් වික්‍රමසිංහට ශ්‍රීලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජනතාව එකහඬින් කියා සිටිය යුතුය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka