gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගේ ගෙට ගිනි තැබිම පසුපස සැකයක් ! අරගලකරුවන්ගේ ගිණුමට දාන්න කරපු වැඩක් ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම පිළිබඳව විවිධ අදහස් පල වී තිබෙනවා. ඊයේ දිනයේදී දහස් ගණනක් පිරිස කොළඹට පැමිණි අතර ඒ සියල්ලන්ගේම ප්‍රධාන ඉල්ලීම වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉවත් වී ගෙදර යන ලෙසට බල කිරීමයි.

ඒ අනුව ඔහුගේ ජනාධිපති කාර්‍යාලයද අරගලකරුවන් විසින් අත් පත් කරගත් අතර එහිදී කිසිඳු පොදු දේපළකට ගිනි තැබීමක් හෝ හානි කිරීමක් සිදු නොකල අතර ආරක්ෂක අංශ පවා නොසිටි එම භූමියේදී එලෙස වගකීමෙන් කට යුතු කල අරගලකරුවන් විසින් එදිනම සවස අගමැතිවරයාගේ පුද්ගලික නිවසට ගිනි තබයිද යන්න බරපතල සැකයක් මතු කරන කරුණක් වෙනවා.

එමෙන්ම එම ගිනි තැබීමට ටික වෙලාවකට පෙර සිරස TV ආයතනයේ මාධ්‍යවේදීන්ට ඉතා නින්දිත ලෙස පොලිසිය විසින් ප්‍රහාර එල්ල කල අතර ඔවුන්ව රෝහල් ගත කිරීම සඳහා පැමිණි සෙසු මාධ්‍යවේදීන්ටද පහර දෙනු ලැබූවා.

පොලිසියට සැබවින්ම අවශ්‍ය වී තිබුනේ එම ස්ථානයෙන් මාධ්‍යවේදීන් ඉවත් කරවා ගැනීනටද යන්න ඒ සමඟම සැකයක් මතුවන අතර කිසිඳු වරදක් නොකල මාධ්‍යවේදීන්ට පහර දුන් පොලිසිය ,අගමැතිවරයාගේ නිවස ගින් තැබීම සඳහා ඊට ඇතුල් වූ අයට පහර නොදුන්නේ හෝ ඔවුන්ව වළක්වා නොවූයේ මන්ද යන්න සැබවින්ම විමසිය යුතු කරුණක් වෙනවා.

ඊයේ උදෑසන දුම්රියන් පවා ක්‍රියාත්මක නොවූ අවස්ථාවක සාකච්ඡා මාර්ගයෙන් පොදු ප්‍රවාහනයන් හි සේවය ලබා ගැනීමට අරගලකල තරුණ පිරිස කටයුතු කල අතර එහිදී කිසිඳු පොදු ස්ථානයක වීදුරුවකට හෝ හානියක් වූ බවක් වාර්තා වූයේ නැහැ.

එවන් තත්වයක් තුළ සිදුවූ මෙම සිදුවීම අරගලකරුවන් ගේ ගිණුමට බැර කිරීම වෙනුවෙන් යම් පාර්ශවයක් සිදුකල කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න සොයා බැලිය යුතු කරුණකි. 

කෙසේ වෙතත් අගමැතිවරයාගේ පුද්ගලික නිවසට හානි සිදු කිරීම අනුමත කළ නොහැක්කක් වනුයේ ඔහුගෙන් පසුව එම දේපළ රාජකීය විද්‍යාලයේ නමට ඔහු විසින්ම ලියා ඇති බැවින් මෙලෙස හානිවූයේ එවන් වටිනා දේපළක් වන බැවිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka