gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජාතික ආණ්ඩුවට සියල්ල සූදානම්; හැදෙන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ හැර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල මේවන විට පොදු එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ අනුව, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රිවරු සංඛ්‍යාවකගේ කැමැත්ත සහිතව යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව කඩිනමින් නිර්මාණය කිරීමට ද තීන්දුවී ඇතැයි පැවසේ.

එම ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 10කට සීමා විය යුතු බවට මේවන විට ද සියලුම පාර්ශ්වවල එකඟතාව පළවී ඇතැයි වාර්තා වේ.

නව ආණ්ඩුවට එක්වන කිසිදු දේශපාලන පක්ෂයක නායකයකු ඇමැති ධුර ලබා නොගන්නා අතර පක්ෂ නායකයන් සියලු දෙනාගෙන් සැදුම්ලත් ජාතික නායකත්ව මණ්ඩලයක් ස්ථාපනය කිරීමට නියමිතය.

මෙම සර්වපාක්ෂික ආණ්ඩුවට උපදෙස් ලබාදීම සඳහා ජාතික විද්වත් සභාවක්ද පිහිටුවනු ලබන අතර විද්වතුන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති නායකයන් ඇතුළු පිරිසකගෙන් එය සමන්විත වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka