gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භික්ෂු සංවිධාන එකමුතුව කොළඹ වටලන්න සැරසෙයි!

තවදුරට ත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 7 වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලියුමක් මගින් දැනුම් දී තිබේ. එසේ ඉවත්ව නොයන්නේ නම්, මෙරට සියලු ම භික්‍ෂුන් වහන්සේ කොළඹට ඒකරාශී කර මෙම 7 දින සිට අඛණ්ඩ හා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව ද එම භික්‍ෂු සංවිධානය සිය ලියුම මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

රට තුළ පවත්නා අර්බුදකාරී හා අරාජික තත්ත්වය සමනය කිරීම සඳහා වහා ම ක්‍රියාමාර්ගයක් ගන්නා තෛ්‍රනිකායික මහ නා හිමියන් වහන්සේලා ඒකාබද්ධ ප්‍රකාශනයක් අස්සන් කර කළ දැනුම්දීමට සුබවාදී ප්‍රතිචාරයක් හෝ නැඹුරුවක් ආණ්ඩුව වෙතින් නොදැක්වීම නිසා මෙම පියවර ගන්නා බව ද එම ලියුම මගින් පෙන්වා දී ඇත.

බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ ජනතාවට සේවය කරන බවට රුවන්වැලිසෑ පුදබිම, ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩසිටින පුදබිම, තුළ දී දිවුරුම් ලබා දෙමින් ජනාධිපතිවරයා කර ඇත්තේ ජනතාව මුළා කිරීමක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේගේ ප්‍රකාශනයට ප්‍රතිචාර නොදැක්වීම තුළින් පෙනී යන බව ද එම ලියුමේ සඳහන් ය.

කප්පරක් විශ්වාස තබාගෙන බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ඇතුළු හැටනම ලක්‍ෂයක අති බහුතර ජනතාවක් ජනාධිපතිවරයා තෝරා පත්කර ගත් නමුත් එම ජනතාවට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අල්පමාත්‍රයක හෝ විශ්වාසයක් නොමැති බව ද ගෝඨාභය රාජපක්‍ෂ තවදුරටත් ජනාධිපතිවරයා වශයෙන් පිළිගැනීමට භික්‍ෂුන් වහන්සේ මෙන්ම රටේ සමස්ත ජනතාව ද සූදානම් නොමැති බව ද එම ලියුම මඟින් පෙන්වා දී ඇත.

රට තුළ මහා විනාශයක් පෙනෙන්නට ඇති විට ඒවා වළක්වාලීමට පියවර ගැනීම මෙන්ම මිලියන 22ක ජනතාවගේ උන්නතිය පිණිස කටයුතු කිරීම භික්‍ෂුන් වහන්සේගේ පරම යුතුකම බැවින් මෙම ඉල්ලීම කරන බව ද ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ සිය ලියුම මගින් වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.

උලපනේ සුමංගල, කොබෙයිගනේ විජිත, මතුරට ධම්මාලංකාර ඇතුළු භික්‍ෂුන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව මෙම ලියුම යවා තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka