ජන්ද 134ක් ලබා රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා බවට තේරී පත් වූ අතර, තරග වැදුනු ඩලස් අලහප්පෙරුමට හිමිව තිබුණේ ජන්ද 82ක් පමණ යි. ඡන්ද 3ක් පමණක් ලබාගත් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතා කළ කතාවයි මේ...
"මා අපට අනන්‍ය ප්‍රතිපත්තිවලින් තරඟ වැදුනා. මේක අනපේක්ෂිත ප්‍රතිඵලයක් නෙවෙයි. මේක තමයි අපේ පාර්ලිමේන්තුවේ සංයුතියේ ස්භාවය. මේ ඉල්ලකම්, සංඛ්‍යා දත්ත ඇතුළේ සංයුතිය මිසක්, මහ පොළවේ සංයුතිය නෙවෙයි. ජනතාවගේ, සාධාරණ කැමැත්තේ පිළිඹිබුවක් මේ පාර්ලිමේන්තුවේ දිස්වුණා කියලා හිතනවා නම් ඒක මිථ්‍යාවක්. ජනතාවගේ කැමැත්තේ විකෘති වූ පිළිඹුවක් මේ.. එළියේ ජනතාවත් මේ සභාවත් අතර, විශාල ප්‍රතිරෝධයක් නිර්මාණය වී තිබෙනවා. මීට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරන්නෙ නැහැ. කතානායකතුමා ඔබතුමාගේ නමත් යෝජනා වුණා. උතුරේ මන්ත්‍රී නමක් අගමැතිධුරයට යෝජනා වුණා. මා ගරු කිරීමක් විදිහට කියන්න ඕනෑ. රවුෆ් හකීම් කිව්වා, මේ තනතුරු දෙක පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් දෙන්නෙකුට ලබා දෙන්න. රට විශාල ව්‍යසනයකට පත් වෙමින් තිබෙනවා. ගොවින් හූල්ලමින් ඉන්නවා. ධීවරයින් කනස්සල්ලෙන් ජීවත් වෙනවා. තරුණ පරම්පරාව.. දුවා දරුවන්.... විශාල කඩා වැටීමකට පත්ව තිබෙනවා. අන්න එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවට මහඟු අවස්ථාවක් උදාවුණා මේ තනතුරු දෙක ඒකාබද්ධ කැබිනට්ටුවක් හරහා කෙටි කාලයකට මේ රට පාලනය කරන්න. එම යෝජනාව යථාර්තයක් වෙනවා නම් කැබිනට් මණ්ඩලයට අමාත්‍යධුර 10කට සීමා වෙන්න ඕනි කියලා. කාලය සීමා වෙන්න ඕනි කියලා. අන්න ඒ මූලික හරයම තමයි එම යෝජනා පරාජයට පත් වෙන්න හේතුව. අපි අසාර්ථක වුණා. අපේ ප්‍රතිපත්ති, අපේ අනන්‍යතාවය මත මා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණා. මම ඉදිරිපත් වෙනකොටම දන්නවා මේක තමයි ප්‍රතිඵලය කියලා. කලින් ඡන්දවලත් මුදල් භාවිතා වුණා. (කෑ ගහන්න එපා දැන්) අශිෂ්ට පාර්ලිමේන්තුවක් තමයි."
