අද මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දිනයක් වුණා.
ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් නව ජනපති කෙනෙක් තෝරා පත්කර ගැනීම නිසයි.
පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පසුව සජිත් ප්‍රේමදාස විසින් දීර්ඝ කතාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ,
අද දින ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ සුබපැතුම් ! යනුවෙන් නව ජනපති හට සුබපැතුම් එකතු කරමින්...
මහපොළවේ මතය මේ ප්‍රතිඵලය තුළ, තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් යන්න ඔහු සිය කතාව තුළ සඳහන් කර සිටියා.
මෙවන් තත්වයක් තුළ රට ගොඩගන්න විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
ජනතා වරම වෙන්දේසි නොකරන බවත් ජාතික ඉලක්ක සපුරාගැනීමට සහය දෙන බවත් ඔහු තරයේ සඳහන් කර සිටියා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්...
