gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝල්ෆේස් ප්‍රහාරය ගැන ඇමරිකාවේ කණස්සල්ල! ඩිව්ගෙන් හෙළිදරව්වක්!

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කණස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය නිවේදනය කරනවා. කෙටි ට්විටර් සටහනක් තබමින් ඇය පවසන්නේ සංයමයෙන් කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර අද (22) උදෑසන සිරස TV නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඩිව් ගුණසේකර මහතා හෙළිදරව්වක් සිදුකළා.

ඔහු මෙහිදී පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටි සමයේදී වරෙක ඔහු ආරක්ෂක අංශ ලවා ගෝල්ෆේස් අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම්වූ අවස්ථාවේදී ඇමරිකානු තානාපතිනිය දුරකතනයෙන් ජනාධිපතිවරයා අමතා එය වැළැක්වූ බවයි.

අදාළ ප්‍රකාශය පිළිබදව සම්පූර්ණ වගකීම තමන් ගන්නා බවත්, එය තමන් හොඳින්ම දන්නා කරුණක් බවත් ගුණසේකර මහතා මෙහිදී සදහන් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka