උද්ඝෝෂණ නවත්වන ලෙස ඉල්ලා පොලිසිය උසාවි යද්දී සාමකාමී උද්ඝෝෂණවලට කිසිම බාධාවක් නැති බවට පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
සාමකාමී උද්ඝෝෂණවලට කිසිදු බාධාවක් නොමැති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සදහන් කළේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් මහජන සාමය කඩ නොවන අයුරින් එම උද්ඝෝෂණ සිදු කළ යුතු බවකි.
කෙසේවෙතත් මේ මස 08 සහ 09 කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.
අපරාධයක් සිදු වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල තිබෙන හෙයින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද අධිකරණය සඳහන් කළේය.
කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය කරනු ලැබ තිබිණ.
උද්ඝෝෂණ නවත්වන ලෙස ඉල්ලා පොලිසිය උසාවි යද්දී සාමකාමී උද්ඝෝෂණවලට කිසිම බාධාවක් නැති බවට පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
2022-07-07T18:57:00+05:30
Gossip Lanka Hot News






