gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපති මැදුර ඉදිරිපිට විරෝධය පළ කළ හිරුණිකා-රෙහාන් ඇතුලු 7ක් අත්අඩංගුවට! වරාය පොලිසියට අරන් ගිහින්! (video)

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත වූ සමගි ජනබලවේගයේ සාමාජිකා - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්ය.

ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර කොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka